28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක ව්‍යාපාරයෙන් යැපුණු පිරිස අද අසරණ වෙලා

සංචාරක ව්‍යාපාරයෙන් යැපුණු පිරිස අද අසරණ වෙලා

හිටපු ඇමැති වජිර අබේවර්ධන

සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා ඒ ආශ්‍රිත රැකියාවල නියුතු ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා සහ ආදායම් මාර්ග අහිමිව ගොස් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවත්, ඔවුන්ට සහන සැලසීමට රජය වහා පියවර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීය.

“උද්ගතව තිබෙන මේ තත්ත්වය පිළිබඳව රජය අවධානය යොමු කර පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමට ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි. එළැඹෙන අයවැයෙන් මේ සම්බන්ධව අවධානය යොමු නොකළොත් පීඩාවට පත්ව සිටින මේ කණ්ඩායම් ලබන වසරේ මැද භාගය වන විට මහා ඛේදවාචකයකට තල්ලු විය හැකියි.

වසර දෙකකට ආසන්න කාලයක් මේ රටේ සංචාරක ව්‍යාපාරය හරහා රැකියා කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා මේ වන විට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබෙනවා. ඔවුන් රජයට බරක් නොවී විදේශ විනිමය උපයන ගමන් තමන්ගේ රැකියාවන් කරගෙන ගිය අය බව කිව යුතුයි. සංචාරක ව්‍යාපාරය නිසා රට වටේම හෝටල් ඉදිකර තිබෙනවා. එම හෝටල්වලට පැමිණෙන සංචාරකයන් හරහා තමන්ගේ ජීවිකාව කර ගත් විශාල පිරිසකගේ ජීවිත අද සම්පූර්ණයෙන්ම අනතුරට ලක් වෙලා. මේ නිසා හෝටල් හිමිකරුවන් විශාල වශයෙන් කඩා වැටීමට ලක් වෙලා.”

ශිරෝමි අබයසිංහ