30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවේ දැවැන්ත දුම්රිය ව්‍යාපෘතියකට චීන සහය

ඉන්දුනීසියාවේ දැවැන්ත දුම්රිය ව්‍යාපෘතියකට චීන සහය

දැවැන්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් ඉදි කිරිම සඳහා චීනයේ සහාය ලබා ගැනීමට ඉන්දුනීසියාව සැලසුම් කර ඇත. අමෙරිකා ඩොලර් බිලියන ගණනාවක් වැය කරමින් ඉදි කිරිමට යෝජිත නව දුම්රිය මාර්ගය තුළින් ඉන්දුනීසියාව දැඩි ණය අර්බුදයකට ගොදුරුවනු ඇතැයි ජපානය අනතුරු ඇඟවා ඇති අතර, දිගුකාලීනව ඉන්දුනීසියාවේ ආයෝජකයකු වශයෙන් කටයුතු කරන ජපානය මේ ව්‍යාපෘතිය හේතුවෙන් කනස්සල්ලට පත්ව ඇතැයි ද වාර්තා වේ. එම දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ එකිනෙකට වෙනස් මාර්ග දෙකක සංවර්ධනය චීනයට සහ ජපානයට ලබාදීමට ඉන්දුනීසියා රජයේ මීට පෙර සැලසුම වී තිබිණි. අර්ධ අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ කටයුතු වසර 2019දී ජපානයට ලබාදීමට ඉන්දුනීසියාව කටයුතු කළ අතර, එම දුම්රිය මාර්ගය ජාකර්තා නුවර සිට නැගෙනහිර ජාවා හි සුරාබයා දක්වා විහිදී යන්නකි. එහෙත් පසුව ඉන්දුනීසියාව එම සැලසුම වෙනස් කිරීමට තීරණය කළේය.