28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැන්ඩෝරා පත්‍රිකා එළියට

පැන්ඩෝරා පත්‍රිකා එළියට

රාජ්‍ය නායකයන් රැසකගේ රහස්‍ය මූල්‍ය තොරතුරු හෙළි වෙයි

පැන්ඩෝරා පත්‍රිකා නමින් හැඳින්වෙන රහස්‍ය මූල්‍ය ලේඛන හෙළිදරව්වකින් ලෝක නායකයන්, දේශපාලනඥයන් සහ කෝටිපතියන් රැසකගේ රහස්‍ය වත්කම් හා මුදල් විශුද්ධිකරණ කටයුතු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ. හිටපු රාජ්‍ය නායකයන් 35ක් සහ උසස් රාජ්‍ය නිලධාරීන් 300ක් විදේශීය සමාගම්වල මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව ද මේ පත්‍රිකාවල සඳහන් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

ජෝර්දානයේ අබ්දුල්ලා රජුට එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ පවුම් මිලියන 70කට වැඩි දේපළ ඇති බවත්, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිය ලන්ඩනයේ කාර්යාලයක් මිල දී ගැනීමේදී පවුම් තුන් ලක්ෂ දොළොස් දහසක මුද්දර ගාස්තු ගෙවා නැති බවත් පැන්ඩෝරා පත්‍රිකා මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මීට අමතරව රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්, ඉන්දියාවේ හිටපු පිතිකරු සචින් තෙන්ඩුල්කර් ඇතුළු ලෝක පූජිත පුද්ගලයන් රැසකගේ රහස් මූල්‍ය තොරතුරු හෙළිදරව් වී ඇත.