25 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලාන් ගුවන් අනතුරෙන් 8 දෙනකුට ජීවිත අහිමි වෙයි

මිලාන් ගුවන් අනතුරෙන් 8 දෙනකුට ජීවිත අහිමි වෙයි

ඉතාලියේ මිලාන් නුවර පිහිටි හිස් කාර්යාල ගොඩනැගිල්ලක් මතට පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එම ගුවන් යානයේ සිටි පුද්ගලයන් සියලුදෙනා ජීවිතක්ෂයට පත් වී ඇත. නිවාඩුවක් ගත කිරීම සඳහා මගීන් 6 දෙනකු රැගෙන සාර්ඩිනියා දූපතට ගමන් කරමින් තිබූ මේ ගුවන්යානයේ නියමුවන් දෙදෙනා ද ඇතුළුව පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සියලු දෙනාම ප්‍රංස ජාතිකයන් බව වාර්තා වේ. ගුවන් යානය ගොඩනැගිල්ල මතට කඩා වැටීමෙන් පසු ගිනිබත් වී ඇති අතර, ඒ මොහොතේ ගොඩනැගිල්ල අසල නවතා තිබු මෝටර් රථ කිහිපයක් ද ගින්නට හසු වී තිබේ.