27.8 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිෂාඩ්ට විරුද්ධව සාක්ෂි තිබේ නම් නඩු පවරන්න නැත් නම් නිදහස් කරන්න

රිෂාඩ්ට විරුද්ධව සාක්ෂි තිබේ නම් නඩු පවරන්න නැත් නම් නිදහස් කරන්න

හිටපු අගමැති, පා.ම. රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව සාක්ෂි තිබේ නම් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත්, සාක්ෂි නොමැති නම් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) දිනට නියමිත කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“මා මේ විමසන්නේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පමණක් නොවේ. හෙට දිනයේදී වෙනත් අයකු සම්බන්ධයෙන් වුවත් මෙය සිදු විය හැකියි. මේ සම්බන්ධයෙන් නිවැරදි ලෙස කටයුතු නොකළොත් ඊළඟ වාරයේ වරප්‍රසාද කැඩී යෑමේ අවදානම සියලුම මන්ත්‍රීවරුන්ට පවතිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වා‍ර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් රටේ පවතින ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු කිහිප දෙනකුට එරෙහිව ද නඩු පවරා තිබෙනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා පොලිස් අධිකාරිවරුන් සිය රාජකාරිය නිවැරදිව ඉටු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජය පිරිසකට නඩු පවරා තිබෙනවා. ඒ නිසා නඩු කටයුතු ඉදිරියට කරගෙන යන්න නියමිතයි. ඒ නිසා මේ අවස්ථාවේදී වැරදිකරුවන් ලෙස එක කොටසකට නඩු පවරා තිබෙනවා. මෙතැනදී ප්‍රශ්නය තමයි, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා තබාගැනීමේ නියෝග මත තමයි අත්අඩංගුවේ තබාගෙන සිටින්නේ.

වැරදිකරුවන්ට‍ නඩු දානවා නම්, එතුමාට විරුද්ධව සාක්ෂි තිබෙනවා නම් එතුමාටත් නඩු දාලා ඒ නඩුවෙම ගෙන යන්න. එතුමාට සාක්ෂි නැත්නම් පිට කරන්න. මෙතැන තිබෙන්නේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයක් නොවෙයි. මේ සභාවේ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවේ ඉන්නවා නම් ඒ පිළිබඳව චෝදනා තිබිය යුතුයි. මාසයක් දෙකක් යනවා, විභාග කර බලන්න. ඒ නිසා තමයි අපට මේ ගැන අසන්නට සිදු වී තිබෙන්නේ.”

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න