27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews‘ෂහීන්’සුළි කුණාටුව ඕමානය වනසයි

‘ෂහීන්’සුළි කුණාටුව ඕමානය වනසයි

9ක් මරුට

ඉරානයේ සහ ඕමානයේ පළාත් ගණනාවකට බලපෑ ‘ෂහීන්‘ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය ඉරිදා පැයට කිලෝමීටර් 120-150 ත් අතර වේගයෙන් හමා ගිය මේ සුළි කුණාටුව නිසා ඕමානයේ වෙරළබඩ ප්‍රදේශවලින් පුද්ගලයන් දහස් ගණනක් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර, මස්කට් අගනුවර වීදි සියල්ල ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ.

ඉරානයට මේ සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ගිනිකොනදිග පළාතේ වරායක පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත. සුළි කුණාටුව හේතුවෙන් එරට විදුලි සැපයුම ඇතුළු මාර්ග ගණනාවක යටිතල පහසුකම් විනාශ වී ඇති බව ද වාර්තා වේ.

ඕමානයේ මස්කට් අගනුවර වීදිවල නවතා තිබූ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ජලයෙන් යට වී ඇති අතර, මස්කට් ගුවන්තොටුපොළ වසා දමා ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

දැඩි අවදානම් තත්ත්වය මත විදුලිය විසන්ධි කිරීමට ඕමාන රජය පියවර ගෙන ඇති අතර, සුළි කුණාටුවේ අවදානම් තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඕමාන දේශ සීමා පිහිටි පළාත්වල ජනතාවට නිවෙසින් පිට නොයන ලෙස අනතුරු අඟවා ඇත.