31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිල්ලි පෙරමුණ ගැනීමේ සටන ජය ගනී

දිල්ලි පෙරමුණ ගැනීමේ සටන ජය ගනී

මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර, පැවැති තීරණාත්මක තරගයෙන් ජය ගැනීමට දිල්ලි කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 50 වැනි තරගය ලෙස ඩුබායිහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 136ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය දිල්ලි පිල කඩුලු 7ක් අහිමි කර ගනිමින් ජය හිමි කර ගත්තේ පන්දු 2ක් ඉතිරිව තිබියදීය.

මේ ජය සමඟ තරග 13කදී 10 වැනි ජය වාර්තා කිරීමට සමත් වූ දිල්ලි ප්‍රසාද ලකුණු 20ක් සමඟින් පළමු ස්ථානයට පත් විය. දෙවැනි තැනට පත් වූ චෙන්නායි පිලට තරග 13කදී හිමි වූ සිව්වැනි පරාජය මෙයයි. කෙසේ වෙතත් මේ කණ්ඩායම් දෙකම මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා සිටී.

ශිකර් ධවාන් ලකුණු 39ක් සහ ශිම්රන් හෙට්මයර් පන්දු 18කින් ලකුණු 28ක් රැස් කරමින් දිල්ලි පිල ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, පන්දු යැවීමේදී ශර්දූල් ඨාකූර් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2ක බැගින් දවා ගත්හ.

අම්බති රයිදු ලකුණු 55ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ලකුණු 18ක් ඉනිමට එක් කළ නායක මහේන්ද්‍ර සිං දෝනිට පන්දු 27ක් වැය විය. පන්දු යැවීමේදී අක්ෂර් පටෙල් කඩුලු 2ක් බිඳ දැමූ අතර, ඔහු තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.