28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිසියෙන් - ත්‍රිවිධ හමුදාවෙන් කණ්ඩායම් 2 බැගින් එක් වෙයි

පොලිසියෙන් – ත්‍රිවිධ හමුදාවෙන් කණ්ඩායම් 2 බැගින් එක් වෙයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

ආරාධිත රග්බි තරගාවලියට නිල නොවන කණ්ඩායම් නෑ

කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ මෙරට රග්බි ක්‍රීඩාවට නව ජීවයක් එක් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව සංවිධාන කරනු ලබන අන්තර් සමාජ ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි නොවන මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් පිරිසක් වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට තරගාවලි කමිටුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. ආරාධිත රග්බි තරගාවලියට සහභාගි වන ලෙස තරගාවලි කමිටුව විසින් සියලු ක්‍රීඩා සමාජවලින් ඉල්ලීමට කර තිබූ අතර, මහනුවර ක්‍රීඩා සමාජය සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය තම ක්‍රීඩකයන්ට පුහුණුවීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් තරගාවලියට සහභාගි නොවන බව ලිඛිතව දැන්වීමෙන් පසු තරගාවලියට ක්‍රීඩා කිරීමේ කැමැත්තෙන් පසු වූ මහනුවර ක්‍රීඩකයන් පිරිසක් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස තරගාවලි කමිටුවෙන් මේ ඉල්ලීම කර තිබිණි.

මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට මහනුවර ක්‍රීඩකයන් පිරිසක් බලවත් කැමැත්තෙන් පසු වූ බව මේ පිළිබඳ කළ විමසුමකදී එම ක්‍රීඩා සමාජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් අන්තර්ජාතික රග්බි සම්මේලනයේ නීතිරීතිවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මාර්ගෝපදේශ යටතේ පැවැත්වෙන මේ තරගාවලියට ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කළ යුතුව ඇතැයි තරගාවලි කමිටු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එබැවින් ක්‍රීඩා සමාජ නියෝජනයකින් තොරව යම් ක්‍රීඩකයන් පිරිසකට වෙනත් නමක් යටතේ තරගාවලියට එක් වීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව පැවැත්වෙන ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සහයෝගය ද ලැබී ඇති අතර, එළැඹෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා දස්කම් සපිරි ක්‍රීඩකයන්ගේ සංචිතයක් ගොඩ නැගීමට ආරාධිත තරගාවලිය භාවිත කිරීමට රග්බි ආයතනය දැනටමත් තීරණය කර ඇත.

ආරාධිත රග්බි තරගාවලිය මේ මස 30 සහ 31 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති අතර, දින 7ක කාලයක් ජෛව බුබුලු සෞඛ්‍ය ආරක්ෂිත වළල්ලක් ඇතුළත ක්‍රීඩකයන් රඳවා තැබීමට කටයුතු යොදා තිබේ. සෑම ක්‍රීඩකයකුම ජෛව බුබුළු සෞඛ්‍ය වළල්ලට එක්වීමට පෙර පීසීආර් පරීක්ෂණ දෙකකට මුහුණ දෙන අතර, තරගාවලිය ආරම්භ වන දිනට පෙර දිනයේදී ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් වනු ඇතැයි වාර්තා වේ.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සමඟ පොලිස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය තරගාවලියට එක් වන අතර, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා කණ්ඩායම් 2 බැගින් තරගාවලියට එක් කිරිමට නියමිතය. ඒ අනුව මේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය 10 දක්වා ඉහළ ගොස් තිබේ.