26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපන්ගේ හිසේ තුවාලයට මැහුම් 5ක්

සුපන්ගේ හිසේ තුවාලයට මැහුම් 5ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායමේ ආරක්ෂක කලාපයේ ක්‍රීඩක ජූඩ් සුපන්ගේ හිසට සිදු වූ තුවාලයකට මැහුම් පහක් යොදා ප්‍රතිකාරයක් කිරීමට සිදු වෙයි. නේපාලය සමඟ පැවැති තරගයේදී උඩින් එන පන්දුවට හිසෙන් පහරක් එල්ල කිරීමට යෑමේදී නේපාල ක්‍රිඩකයකුගේ හිසට හිස ගැටී මේ අනතුර සිදු වූ අතර, ඒ මොහොතේ ඔහු පිටියෙන් ඉවත් කොට ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විනිසුරු ක්‍රියා කළේය. එහෙත් ඒ මොහොතේ ඔහු තාවකාලික ප්‍රතිකාරයක් ලබා යළිත් පිටියට පැමිණ ක්‍රීඩා කළ අතර, තරගයෙන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී ස්ථීර ප්‍රතිකර්මයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඔහුගේ හිසට සිදු කළ ස්කෑන් පරික්ෂණයකදී වෙනත් කිසිදු ආබාධයක් වාර්තා වී නැති අතර, අද පැවැත්වෙන ඉන්දියාව සමඟ තරගයට ක්‍රීඩා කිරීමේ හැකියාව ද වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත.

රිනවුන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පිලට එක් වු ජූඩ් සුපන් දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට එක් වූ පළමු අවස්ථාව මෙය වේ.

මේ අතර මැද පෙළ ක්‍රීඩක කවිදු ඉෂාන්ගේ උදරයට වැදුණු පහරක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක් උදා වී ඇත. ඔහුගේ උදරයට වැදුණු පහර හේතුවෙන් ඉදිමීමක් හට ගැනීම මෙයට හේතු වී තිබේ.