25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනාධිපති දුන් එකක් නොවේ

ජනතාවට උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනාධිපති දුන් එකක් නොවේ

 ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක

රටේ ජනතාවට ස්වාධීන දේශපාලන අදහස් දැක්වීම සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් ලැබුවක් නොව ව්‍යවස්ථාවේන් ලබාදී තිබෙන අයිතියක් බවත් පොහොට්ටුවේ අයත් විපක්‍ෂයේ සිටිය කාලයේ මෙ⁣ම අයිති බුක්ති විඳි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පැවසීය.

මේ බව ඒ මහතා සඳහන් කෙළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පෙරේදා (06)පැවති මාධ්‍ය හමුවකදීය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

“විශේෂයෙන්ම ගුරු සංගම් නායකයන් තලේබාන් නායකයන් ලෙස නම් කරමින් පොලිස් ඇමැති ක්‍රියා කරනවා. පොලීසියෙන් වැරැද්දක් කළොත් ඔහු මැදිහත් වී පොලිසිය බේරා ගන්නවා. කොළඹ වරායේ ජැටිය විකිණීමට සහ තෙල් සංස්ථාවේ අයිතිය රැකගන්න උද්ඝෝෂණය කරන අයට විරුද්ධව පොලීසිය යොදවනවා. එය ඉතා භායනක දෙයක්.

සරත් වීරසේකර ඇමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ තුවක්කුවෙන් වෙඩි තියන්නට පෙර වචනවලින් වෙඩි තියා පසුව තුවක්කුව ගන්නවා. සරත් වීරසේකර ඇමැතිවරයා යුද උන්මාදයෙන් පෙළෙන බවට සාක්ෂි තිබෙනවා. මේ වනවිට ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් ආණ්ඩුව තුළින් ගොඩනැඟි තිබෙනවා.”

නුවන් හෙට්ටිආරච්චි