31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිකට් නැතිව කලබලයක්

ටිකට් නැතිව කලබලයක්

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම තරග වදින අවස්ථාවේ මාලදිවයිනේ වෙසෙන බංග්ලාදේශ ජාතීන්ට ප්‍රව්ශපත්‍ර සීමා කිරීම හේතුවෙන් ඊයේ දිනයේ විශාල නොසන්සුන්තාවක් හට ගත්තේය.

බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එරෙහිව දැක්වූ දස්කම් පිටුපස බංග්ලාදේශ නරඹන්නන් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ බැවින් ඊයේ මාලදිවයින සමඟ තරගය නැරැඹීම හිතාමතා සීමා කළ බව බංග්ලාදේශයෙන් නැගුණ චෝදනාවකි.

මාලදිවයින සහ බංග්ලාදේශ තරගය සඳහා මාලදිවයින් ජාතිකයන්ට ටිකට්පත් මිලදී ගැනීමේදී ප්‍රමුඛතාව හිමි වන බව පවසමින් තරගයේ ප්‍රවේශපත්‍ර භාර අධිකාරිය මාලදිවයිනේ වෙසන බංග්ලාදේශ ජාතිකයන් සඳහා ටිකට් පත් 400ක් පමණක් දුන් බවට ඔවූහූ චෝදනා කළහ.

මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණයේ ධාරිතාව 9000කින් යුතු වන අතර, කොරෝනා අර්බුදය හේතුවෙන් ප්‍රවේශ පත්‍රවලින් භාගයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කළ බව සංවිධායකයෝ පැවසුහ.

මේ සම්බන්ධව මාලදිවයිනේ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා දැනුම්වත් කිරීමට බංග්ලාදේශ ජාතිකයන් පියවර ගෙන ඇති අතර, මහ කොමසාරිස්වරයා මේ පිළිබඳ සංවිධායකයන් සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…