සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රිනි ඩයනා උදයංගනී මහත්මිය එම පක්ෂයෙන් නෙරපීමට පියවර ගත් බව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (7) ‘දිනමිණ’ ට පැවසීය. පක්ෂ මතයට පිටින් ගොස් මන්ත්‍රීවරිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඊට අදාළව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ තීරණය ගත් බව මහ ලේකම්වරයා කීය. මේ අනුව ඉදිරි දිනයකදී මන්ත්‍රීවරියගේ ඉවත් කිරීම සම්බන්ධව නිල වශයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවද හෙතෙම කීවේය.
රුවන්ත නිතුල්ගස්පිටිය