28.9 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පනත වහාම සංශෝධනයට ලක් විය යුතුයි

වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පනත වහාම සංශෝධනයට ලක් විය යුතුයි

ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක

වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පනත, වහාම නීතිය ඉදිරියේ සංශෝධනයට ලක් විය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසුවේය.

43 සේනාංකයට අනුබද්ධ නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙරේදා ( 05) මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.

එහිදී අදහස් දැක්වූ ලක්තිලක මහතා මෙසේද පැවසීය.

“ඩොලර් සංචිත ලංකාවෙන් කොල්ල කාගෙන ගියපු දේශපාලඥයන් හොර සල්ලි කළු සල්ලි හැටියට තැන්පත් කරලා තියෙනවා.සිංගප්පූරු නීතියට අනුව යම් විදිහකින් යම් පුද්ගලයෙක් අක් වෙරළ සමාගමක් සමඟ ගනුදෙනු කරද්දී ඒ පුද්ගලයා යම් රටක දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට වාර්තා කිරීමේ වගකීමක් ඒ අක් වෙරළ සමාගමට තිබෙනවා. තිරු නඩේෂන් මහතා ඇසට් නම් අක් වෙරළ සමාගම සමඟ ගනුදෙනු කොට ඇති නමුත් තිරු නඩේෂන් මහතා, රාජපක්ෂ පවුලත් සමඟ සම්බන්ධ බවට එකී අක් වෙරළ සමාගම දැන සිටි නමුත්, ඒ පිළිබඳව, සිංගප්පූරු රජයට වාර්තා කොට නෑ. ඒ අනුව එය සිංගප්පූරු රජය ඉදිරියේ කරන ලද, නීතිය ඉදිරියේ කරන ලද වරදක්.

දෙවැනි කරුණ වන්නේ තිරු කුමාර නඩේෂන්ට විරුද්ධවම නීතිපතිවරයා අධිචෝදනා යොමු කරමින් වර්ෂ 2017 දී ගම්පහ අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ඒ අනුව චුදිතයෙක් හැටියට සිටින පුද්ගලයෙක් සමඟ අක් වෙරළ සමාගමට ගනුදෙනු කළ නොහැකියි. නමුත් අදාළ ඒෂියා සිටි නම් සමාගම මේ සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට දැන්වීමක් සිදු කොට නොමැති අතර එය නීති විරෝධී කාර්යයක්.

නිරූපමා රාජපක්ෂ මහත්මිය චලාම් ඔයිල් එන්ටර්ප්‍රයිසස් සහ රොසෙට්කි කියන ඉතාලිය අක්වෙරළ සමාගම් සමග ගනුදෙනු කරලා තියෙනවා. ඒ වගේම තිරු නඩේෂන් මහත්මයා අක් වෙරළ සමාගම් 21 ක් සමඟ ගනුදෙනු කරලා තියෙනවා. දැන් මේ වෙබ් අඩවිය සඳහන් කරන විදිහට තව පුද්ගලයෝ දෙන්නෙක් මේ අක්වෙරළ සමාගම් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි තිරකුමාර් අයංකා නඩේෂන් අනිත් පුද්ගලයා සනාරා නිරන්ත රාජපක්ෂ නඩේෂන්. එතකොට පුද්ගලයන් හතර දෙනෙක් මේ අක්වෙරළ සමාගම් 11 ක් එක්ක ඩොලර් මිලියන 160 ක ගනුදෙනුව කරලා තියෙනවා. මේක බරපතලයි. එතකොට මේ හතර දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන්.

මේ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ වගකීමක් අල්ලස් හෝ දූෂණ කොමිසමට තිබෙනවා. එමෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් වත්කම් ප්‍රකාශ කිරීමේ නඩුවක් නැතහොත් විමර්ශනයක් පවත්වන්නට අමතරව දූෂණ සිදුකිරීම පිළිබඳව සාක්ෂි විමර්ශනය කිරීම කළ යුතුයි.”

ක්‍රිසන්ති විතාරණ