27.8 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅබුඩාබි ටී-ටෙන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

අබුඩාබි ටී-ටෙන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

එක්සත් අරාබි එමීර් රජ්‍යයේදී ලබන මස පැවැත්වීමට නියමිත අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය සහ තෝරා ගැනීම (Draft) පසුගියදා සිදු කෙරිණි.

ඒ අනුව 5 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 8 දෙනකු කණ්ඩායම් 4ක් සඳහා තේරී පත්ව තිබේ.

මේ ක්‍රීඩක තෝරා ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනකු තෝරා ගත් අතර, ඉන් පෙර ක්‍රීඩකයන් දෙදෙනකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකර කණ්ඩායම් තුළ රඳවා ගැනීමට කටයුතු කර තිබිණි.

ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ජගත් පිටියෙන් සමුගත් උපුල් තරංග නොදර්න් වොරියස් කණ්ඩායමට එක්ව ඇති අතර, වැඩිම ශ්‍රී ලාංකික නියෝජනයක් සහිත මරතා ඇරබියන්ස් පිල ක්‍රීඩකයන් 4 දෙනකු තෝරා ගෙන තිබේ. ඒ දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන්ය.

විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසු වන වනිඳු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල මඟින් රඳවා ගෙන තිබේ. පසුගියදා අන්තර්ජාතික පිටියට සමුදුන් තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් පිල විසින් රඳවා ගෙන ඇති අතර, එම කණ්ඩායමට යළිත් මතීෂ පතිරණ ද එක්ව සිටී.

අවසන් වරට මේ වසර මුලදී පැවැති අබුඩාබි ටී ටෙන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නොදර්න් වොරියස් පිල සමත් වූ අතර, එම කණ්ඩායමට මහීෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් ඇතුළත් වූහ. එහිදී අවසන් තරගයේ වීරයා සම්මාන දිනා ගත්තේ තීක්ෂණ විසිනි.

මෙවර අබුඩාබි ටී ටෙන් තරගාවලිය නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර