27.2 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ ජාතික ගුවන් සේවය ‘ටාටා’ සමාගමට විකුණයි

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය ‘ටාටා’ සමාගමට විකුණයි

ලංසුව ඩොලර් කෝටි 240ක්

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා සමාගම‘ එරට විශාලතම සමාගම් සමූහය ලෙස සැලකෙන ‘ටාටා‘ සමාගමට ඩොලර් බිලියන 2.4කට ආසන්න ලංසුවකට අලෙවි කොට තිබේ. ඩොලර් බිලියන 9.5ක අලාභයක් ලබා ඇති මේ ගුවන් සේවය විකිණීමට ඉන්දීය රජය වසර ගණනාවක් තිස්සේ උත්සාහ ගෙන තිබෙන අතර, ඩොලර් බිලියන 2.4කට ආසන්න මිලකට වැඩිම ලංසු තැබූ සමාගම වන ටාටා සමාගමට මෙසේ විකුණා තිබේ. එයාර් ඉන්දියා සමාගම අත්පත් කර ගැනීමෙන් විනාඩි කිහිපයකට පසු, ටාටා සමාගමෙහි සභාපති රතන් එන්. ටාටා විසින් සමාගමේ හිටපු සභාපති ජේ. ආර්. ඩී. ටාටා, එයාර් ඉන්දියා ගුවන් යානයක් පසුබිමේ කර ගත් ඡායාරූපයක් ට්විටර් ගිණුමට එක් කර තිබිණි. තෝරා ගත් කර්මාන්ත පෞද්ගලික අංශය සඳහා විවෘත කිරීමේ මෑත කාලීන ප්‍රතිපත්තිය පිළිබඳ ඔහු මධ්‍යම රජයට ස්තූතිය පුද කර ඇත.

ක්‍රිසන්ති විතාරණ