රනිල් අගමැතිගෙන් විසඳුමක් ඉල්ලයි
ජනතාවට සහන ලබා දීමට අදාළ කාරණයක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස්වරයා අතර විශාල ගැටලුවක් පැන නැඟී ඇති බවත් ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස අගමැතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය.
එබැවින් මීට අදාළ සියලු දෙනා කැඳවා සාකච්චා කර විසඳුමක් ලබා දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ රැඳී සිටින හෙයින් තමන් මේ ඉල්ලීම සිදු කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කරන ලද ප්‍රශ්න අවසන් වීමෙන් පසුව නැඟී සිටි රනිල් වික්‍රමසිංහ මහතා මේ ඉල්ලීම කළේය.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න