30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩුගල්ල - ධර්මසේන ලෝක කුසලානයට

මඩුගල්ල – ධර්මසේන ලෝක කුසලානයට

මේ මස 17 වැනිදා සිට නොවැම්බර් මස 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන තරග නිලධාරීන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නම් කළේය.

මේ සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ද එක් කර තිබේ.

ඒ අනුව නම් කර ඇති තරග තීරකවරුන් 4 දෙනා අතරට රන්ජල් මඩුගල්ල මහතා නම් කර ඇති අතර තරග විනිසුරුවරුන් අතරට කුමාර ධර්මසේන මහතා ඇතුළත්ව සිටියි. තරගාවලිය සඳහා විනිසුරුවරුන් 16 දෙනකු නම් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගය ඕමානය සහ පැපුවා නිව්ගිනියාව අතර, පැවැත්වීමට නියමිතය. එම තරගයේ තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරන අතර, පිටියේ විනිසුරුවරුන් ලෙස කුමාර ධර්මසේන සමඟ නවසීලන්තයේ ක්‍රිස් ගැෆේනි මහත්වරු කටයුතු කරති.