27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන්ගේ කාර්යය දේශපාලනඥයන් කිරීමෙන් පීඩා විඳින්නේ ජනතාවයි

වෛද්‍යවරුන්ගේ කාර්යය දේශපාලනඥයන් කිරීමෙන් පීඩා විඳින්නේ ජනතාවයි

වෛද්‍යවරුන්ගේ කාර්යය කිරීමට වෛද්‍යවරුන්ට ඉඩ දිය යුතු බවත්, දේශපාලනඥයන්ගේ කාර්යය දේශපාලනඥයන් කළ යුතු බවත් එය එසේ නොකරන හෙයින් අසීරුතාවට පත් වන්නේ රටක ජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

‘විපක්ෂයෙන් හුස්මක්‘ 30 අදියර හරහා ආණමඩුව රෝහලට විසිලක්ෂයක රෝහල් උපකරණ දීමේ වැඩසටහනට ඊයේ (8) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීවේය.

මේ මොහොතේ ප්‍රමුඛතාව කුමක්ද යන්න අවබෝධ කර ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට තිබිය යුතු බවත්, ආණ්ඩුව බරපතළ ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝනා මර්දනය අමතක කොට මංතීරු ව්‍යාපෘතිවලට මුල්තැන දී ඇතැයිද පැවසීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්