31.1 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා පාපන්දු පිලට මාලදිවයිනේදී ‘රන් හමුදාව’ නාමය පටබැඳෙයි

ශ්‍රී ලංකා පාපන්දු පිලට මාලදිවයිනේදී ‘රන් හමුදාව’ නාමය පටබැඳෙයි

දකුණු ආසියා පාපන්දු ශුරතාවේ විශාල ප්‍රගතියක් පෙන්නුම කරමින් සිටින ශ්‍රී ලංකා පාපන්දු පිලට මාලදිවයිනේදී ‘රන් හමුදාව’ යන නාමය පට බැඳෙයි. මාලදිවයිනේ ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග වදින සෑම තරගයකටම ‘රන් හමුදාව’ (Golden Army) යනුවෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පැමිණෙන අතර, එය කාගේත් විශේෂ අවධානයට යොමුව ඇත.

මේ තත්ත්වය මත මාලදිවයිනේ සිටින විදෙස් මාධ්‍යවේදීන් ද ශ්‍රී ලංකා පිල තරග කරන ආකාරය මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට ‘රන් හමුදාව’ යනුවෙන් සටහන් කිරීමට පෙලඹී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු පිල බංග්ලාදේශයට, නේපාලයට හා ඉන්දියාවට එරෙහිව තරග කළ සෑම අවස්ථාවකදීම මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණයේදී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබිණි.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට..