28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2022 අය-වැයෙන් ශ්‍රී ලංකාව ලෝකයත් සමඟ තරග කළ හැකි රටක් බවට පරිවර්තනය...

2022 අය-වැයෙන් ශ්‍රී ලංකාව ලෝකයත් සමඟ තරග කළ හැකි රටක් බවට පරිවර්තනය වෙනවා

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

ජනතාවගේ ජන ජීවිත හා දේපොළ බේරා ගැනීම සඳහා අපි කටයුතු කරනවා

 ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

 අපේ රටට පැමිණෙන්නේ සුදු ජාතික දුප්පත් සංචාරකයෝ

මන්ත්‍රී සරත් ෆොන්සේකා

කිරිපිටි, ගෑස්, සීනි මිල දී ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගත හැකි වුණා

අනුර කුමාර දිසානායක

වසර 2022 අය-වැය ලේඛනය මඟින් ලෝකයත් සමඟ තරග කළ හැකි රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වන බව සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) ප්‍රකාශ කෙළේය.

වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමේ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (08) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු දුන්හ.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

කොවිඩ් වසංගතයෙන් තොර රටක් බවට පත් කරමින් ලෝකය ජය ගත හැකි රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. රට සංවර්ධනය කරමින් ජන ජීවිතය පෝෂණය කිරීමට පියවර ගන්නාවා.

ලෝක වසංගත තත්ත්වයක් හමුවේ ආර්ථික කළමනාකරණයක් ඇතිව අපි රට පාලනය කරනවා. බදු සහන ජනතාවට ලබාදුන්නා. ජනතාව තවදුරටත් බදු ගෙවන කණ්ඩායම් බදුවලින් ඉතිරි වන මුදල් ආයෝජනය සඳහා යොදවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බදු අඩු කිරීම තුළ රාජ්‍ය ආදායම අඩු වූ බවට විපක්ෂය අපට දිගින් දිගටම චෝදනා කළා. මේ මාස අටක කාලය තුළ බදුවලින් සියයට 6.8 ක වැඩිවීමක් තිබෙනවා. බදු ගෙවිය හැකි සහනදායී ක්‍රමවේද හඳුන්වාදීම නිසා එවැනි වැඩිවීමක් වෙලා තිබෙනවා. වැට්, ආදායම් බදු අඩු නොකළා නම් ආර්ථිකයට හානියක් වෙන්න තිබුණා. කොවිඩ් වසංගතය හමුවේ අපි අපේක්ෂා කළ ආයෝජන මෙරටට ලැබුණේ නැහැ. නමුත් ආර්ථිකය කළමනාකරණයට හැකි වුණා. එසේ නොවුණා නම් රැකියාවලටත් බරපතල ගැටලුවක් එනවා. රට වැසීම සිදු කළා. ජනාධිපතිවරයා හොඳින් රට පාලනය කරනවා. අපනයන ආදායම 2020 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස අටේ වර්ධනය සියයට 20 යි. ආනයනත් ක්‍රමානුකූලව වැඩි වී තිබෙනවා. ආනයනය තහනම් කළේ නැහැ. මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේ නිෂ්පාදනය කිරීමට තමයි අපි ඉඩ දුන්නේ. 2020 ට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකිව තිබෙනවා. දෙවැනි කාර්තුව තුළ සියයට 12.3 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ අපි මේ ආර්ථික වර්ධන වේගය පවත්වා ගත්තේ. නමුත් කිසිදු ගැටලුවක් නොතිබූ යහපාලන ආණ්ඩුව කාලයේ සියයට 7 ක තිබූ ආර්ථික වර්ධන වේගය සියයට 2.3 ක් දක්වා කඩා වැටුණා. ආණ්ඩුවක් විදියට අපි ජනතාවට කියන්නේ අපි ගැන විශ්වාසය තබන්න කියලායි. අපි අනිවාර්යයෙන්ම අපේ රට ආසියාවේ ලෝකයත් සමඟ තරගකාරි රටක් බවට පරිවර්තනය කරනවා. 2022 අයවැය ලේඛනය මෙම පරිවර්තනය සඳහා ප්‍රධාන සාධකය බවට පත් කරනවා. කොවිඩ් වසංගතයෙන් තොර රටක් බවටත් පත් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජා.ජ.බ.)-

මුදල් අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන අයවැය ඉලක්කමකට පමණක් ලඝු කර නොසලකා හැරිය නොහැකියි. ඒවා ගැන සැලකිලිමත් විය යුතුයි. වේගයෙන් ඉහළ නඟින උද්ධමනය, පහළ යමින් තිබෙන ආර්ථිකයේ අවදානම ගැන ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුයි. අයවැය, මහබැංකු වාර්තා, මුදල් අමාත්‍යංශයේ ලේඛන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කර කරුණු ඉදිරිපත් කර තිබෙනවා. අපට අදත් අවශ්‍ය නම් ඒ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයකට යා හැකියි. නමුත් වැදගත් වනුයේ සංඛ්‍යා දත්ත ලේඛන විශ්ලේෂණයෙන් ඔබ්බට ගොස් ආර්ථික අර්බුදය ජන ජීවිතයට කරන බලපෑම සොයා බැලිය යුතුයි.

(පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මුලසුනට පැමිණියේය.)

අනුර කුමාර දිසානායක මහතා-

පසුගිය දිනයන්හි කිරිපිටි, ගෑස්, සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගත හැකි වුණා. මේ ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 800කට වැඩි ප්‍රමාණයක් වරායේ හිරවෙලා. ගොවියාට අවශ්‍ය එදිනෙදා අවශ්‍ය පොහොර ලබාදීමට හැකියාවක් නැහැ. එදිනෙදා ජනතාව මිලදී ගන්නා භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව මෙය පාලනයට විවිධ ගැසට් නිකුත් කළා. ඊට අමතරව හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් පත් කළා. නමුත් හදිසි නීතිය, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, ගැසට් ඉක්මවා යන අර්බුදයක් රට තුළ තිබෙනවා. එනිසා කිසිදු නීතියක් කිසිදු ගැසට් නීතියක් කිසිදු අතශවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ බලයක් අද කිසිසේත්ම වලංගු නොවන බලයක් බවට පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා (ස.ජ.බ.)-

කොරෝනාවලට දේශීය වෛද්‍ය මංජුසාවක් දෙනවා. ඒක හොඳයි. පත්පාඩගම් වගේ දේවල් ඕනෑම ගෙදරක මේ මංජුසාව තිබෙනවා. ඒ සඳහා රුපියල් කෝටි 600ක් වෙන් කර තිබෙනවා. මෙරටට විදේශ විනිමය ලැබු‍ණේ රටවිරුවන්ගෙන්, සංචාරකයන්ගෙන්, තේ පොල් රබල් වලින්. ප්‍රේමදාස මහතා හැදූ කර්මාන්තවලින්. සංචාරක කර්මාන්තය ක්‍රියාවට නැංවීමේදී අපේ රටට පැමිණෙන්නේ සුදු ජාතික දුප්පත් සංචාරකයන්. ඔවුන්ගෙන් අපි අපේක්ෂා කරන සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් වන්නේ නැහැ.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා-

ගෝලීය වසංගතය නිසා පසුගිය සතියේ පමණක් ලෝක වෙළඳපොළේ ගෑස් මිල සියයට 130 කින් වර්ධනය වුණා. එවැනි තත්ත්වයක් තුළ තමයි අපි මේ රට ඉදිරියට ගෙන යන්නේ. මෙරට ජනතාවගේ ජන ජීවිත හා දේපොළ බේරා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ලෝකයේ හොඳම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාවට නංවන රටවල් දහය අතර අපේ රටත් සිටිනවා.

(දිවා ආහාරයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මුලසුනට පැමිණියේය.)

බන්දුල ගුණවර්ධන මහතා-

රජයේ ආදායම වියදම හිඟය පියවන ආකාරය රාජ්‍ය ණය තිබෙනවා. දශකයෙන් දශකයට තිබෙන තත්ත්වය උග්‍ර වී තිබෙනවා. විවෘත ආර්ථිකය හදුන්වා දෙන විට ඍන 4.5 යි. අයවැය පරතරය

හැම රජයක්ම අයවැය පරතරය පියවා ගැනීමට ණය ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගන්නා විට ණය තිබුණේ ට්‍රිලියන 2 යි. අවුරුදු දහයක් විවිධ අභියෝගයන්ට මුහුණ දී මුඩුබිමක්ව තිබූ රට වැඩබිමක් බවට පත් කළා. පසුගිය රජය විසින් ඉතාම වාසිදායක තත්ත්වයක් තිබියදී ඩොලර් පිලිස්සීමක් කළා. 2015 වසරේදී ලෝකයේ රටවල් නොලද වාසි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ලැබුණා අමෙරිකානු ඩොලර් බිලියන 1.9 න් තෙල්වලින් විතරක් රටට ඉතිරි වුණා. 2019 දි රුපියල බේරා ගැනීම සඳහා වෙළෙඳපොළේ බිලියන 1.2 ක් අලෙවි කළා.

අැමැති රෝහිත අබේගුණවර්ධන මහතා-

ලෝක වෙ‍ෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිහිං කිය කියා දැනගෙන අනුර කුමාරලා කෑ ගසනවා. පෝලිම් ගැසෙනවා නම් විපක්ෂය කැමැතියි. එවිට විපක්ෂයට කෑ ගැසීමට මාතෘකා තිබෙනවා. අධිවේගී මාර්ගය අද හම්බන්තොට දක්වා යනවා. ඔව් එය කොන්ක්‍රීට් වනාන්තරයක්. රටට මේවා අවශ්‍යයයි. සුරිය වැව ක්‍රීඩා පිටිය අවශ්‍යයයි. අපි තාම ගෝත්‍රික යුගයේ ජීවත් විය යුතුද. එදා ජේ.ආර්. මහතා රටේ අනාගතයට කතා කළේ නැහැ. ජනතාවගේ බඩට ඔහු කතා කළේ. රට විනාශ වුණා. අවුරුදු 17ක් රට විනාශ වුණා. දේශීය නිෂ්පාදන සහමුලින්ම විනාශ වුණා. මිනිසුන් ඉක්මණට ගමන් යන්න කැමැතියි. පාරවල් කාපට් වෙනවාට කැමැතියි. එවිට අඩු වේලාවකින් ගමන් බිමන් යා හැකියි.

රාජ්‍ය අැමැති නාලක ගොඩහේවා මහතා-

ආර්ථික කළමනාකරණයේ අර්බුදයක් තිබෙන බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළා. ගෝඨාභය මහතා රට බාර ගන්නා විට ආර්ථික අර්බුදයක් තිබෙන බව දැනගෙනම තමයි අපි රට බාර ගත්තේ. ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් මන්දගාමී බවට පත් කිරීමට යහපාලනය කටයුතු කළා. විදේශ සංචිත වර්ධනය කර ගැනීමට යහපාලනයට නොහැකි වුණා. අපි රට බාරදෙන විට විදේශ සංචිත ඩොලර් බිලියන 8.3ක් තිබුණා. අපිට නැවත රට බාරදෙන විට එය 7.2ක් බවට අඩුවෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා (ස.ජ.බ.)-

රටක් විදියට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. ආර්ථික වශයෙන් ගැටලු රැසක් රට තුළ ඇති වී තිබෙනවා. සමාජයීය වශයෙන්ද ප්‍රශ්න රැසක් නිර්මාණය වන බවක් දක්නට ලැබෙනවා.

අැමැති රමේෂ් පතිරණ මහතා-

අර්බුදකාරී කාලයකින් පසුව රට නැවත ගොඩනැඟීමක් දැනට දක්නට ලැබෙනවා. විවිධ අර්බුද මැඩ පවත්වා රට ඉදිරියට පැමිණ සිටිනවා. ලෝකයේ ඉතාම සාර්ථක එන්නත්කරණයක් රට තුළ තිබෙනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙමඟින් හැකිව තිබෙනවා. විපක්ෂය එය අගය නොකළාට සැබෑ තත්ත්වය එයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ මේ සැලසුම් අගය කර තිබෙනවා.

පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා-

අපට තිබෙන ප්‍රධාන අභියෝග හඳුනා ගත යුතුයි. ආණ්ඩුව බලයට පත් කරන අවස්ථාවේදී තිබූ අභියෝග තරුණයන්ගේ අභියෝග ඉටු කරන ආකාරය, ආර්ථික සංවර්ධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ගැටලු නිරාකරණය යන අභියෝග අපට තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා (ස.ජ.බ.)-

ජනතාව අද හිඟා කන තත්ත්වයට රට පත් කර තිබෙනවා. තුන්වේල නොකා දෙවේලක් කාලා ජනතාව හිටියොත් ඇති කියලා රජයේ මැති ඇමැතිවරු කියනවා. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පොරොන්දු වූ දේ කර තිබෙනවාද කියලා විමසා බැලිය යුතුයි.

පාර්ලිමේන්තුව මෙම මස 21 වැනිදා පෙරවරු 10.00ට නැවත රැස් වේ.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න