26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපයත් එහි සාමාජිකයනුත් අතර බැඳීම ශක්තිමත් කිරීමට නව ඇප් එකක්

එජාපයත් එහි සාමාජිකයනුත් අතර බැඳීම ශක්තිමත් කිරීමට නව ඇප් එකක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක

එක්සත් ජාතික පක්ෂය හා සාමාජිකයන් අතර පවතින බැඳීම වඩාත් වඩාත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයම එකම වේදිකාවක් මතට ගෙන ඒම අරමුණු කර ගනිමින් නව ඇප් එකක් හඳුන්වා දීමට එජාපය සැලසුම් කර තිබෙන බව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවර එජාප කාර්යාලයේදී පෙරේදා (09) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මසෛ් ද කීය.

“එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 115 වැනි ජන්ද දිනය යෙදෙන මේ මස 20 වැනි දින මෙය එළිදක්වනවා. මේ නව ඇප් එක හඳුන්වා දීම අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතයි. පළමු අදියරේදී සාමාජික ලියාපදිංචියත්, දෙවන අදියරේදී සාමාජික ප්‍රවර්ධනයත්, තුන් වන අදියරේදී පාක්ෂිකයන්ගේ දත්ත ගබඩා කිරීමත් සිදු කරනවා.

එජාප පාක්ෂිකයන්ට රුපියල් 100ක් මේ ඇප් එක ඔස්සේ ගෙවා පක්ෂ සාමාජිකත්වය ගත හැකියි. එම් තවුසන්ඩ් නමින් නව සාමාජිකත්ව කාඩ් පතක් හඳුන්වාදී තිබෙනවා. මාසයකට රුපියල් 1000 බැගින් වසරකට රුපියල් 12000ක් ඇප් එක මඟින් ගෙවා අදාළ සාමාජිකත්වය ගත හැකියි. මෙය පක්ෂ අරමුදල වෙනුවෙන් යම් දායකත්වයක් දිය හැකි අයට දෙන සාමාජිකත්වයක්.

නියම පක්ෂ සාමාජිකත්වය වන්නේ රුපියල් 100ක් ගෙවා ගන්නා සමාජිකත්වය නිසා රුපියල් 1000 සාමාජිකත්වය සම්බන්ධව කිසිවකුත් ප්‍රශ්නයක් ඇති කර නොගත යුතුයි.”

අසේල කුරුළුවංශ