31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරුන් ළමයින්ගේ අධ්‍යාපනය ගැන වැඩිදුරටත් සිතිය යුතුයි

ගුරුවරුන් ළමයින්ගේ අධ්‍යාපනය ගැන වැඩිදුරටත් සිතිය යුතුයි

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන

ගුරුවරුන් ළමයින්ගේ අධ්‍යාපනය ගැන වැඩිදුරටත් සිතිය යුතු බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ ලෝක ළමා දිනය වෙනුවෙන් නිලධාරීන් දැනුම්වත් කිරීමට විෂය භාර ඇමැති පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“මා ඇමැතිවරයකු වුවත් තවමත් ගුරුවරුන්ට ගරු කරන සහ ඔවුන්ට කීකරු කෙනෙක්. මා අද සිටින තත්ත්වය උදා කර ගත්තේ ගුරුවරුන්ගේ නිසි මඟපෙන්වීම නිසයි. ඔවුන්ගේ ගරුත්වය ඔවුන් විසින් රැක ගත යුතුයි. එළැඹෙන විසි එක් වැනිදා රාජකාරියට වාර්තා කරන ලෙස සමස්ත ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

ඇමැති පියල් නිශාන්ත මහතා

“සියලු මතභේද ඉවතලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දී ක්‍රියා කරන්න. වෘත්තීය ක්‍රියාකාරකම්වලට මා ද සහාය දෙනවා. නමුත් පළමුව ළමයින්ගේ අධ්‍යාපනය ගැන සිතිය යුතුයි.”

බුද්ධි කරුණාරත්න