25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙනසකින් රට ඉදිරියට ගෙන යා හැකි නායකයා රනිල් වික්‍රමසිංහයි

වෙනසකින් රට ඉදිරියට ගෙන යා හැකි නායකයා රනිල් වික්‍රමසිංහයි

එජාප සභාපති වජිර අබේවර්ධන

ලෝකයේ සිදු වන වෙනස්කම්වලට අනුව රට වෙනස් කර ඉදිරියට ගෙන යා හැකි නායකයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව එජාප සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීය.

“පාසල් ගුරුවරුන්ගේ භූමිකාව ලෝකයේ රටවල විශාල ලෙස වෙනස් වෙලා. නමුත් අපේ රට ඊට සමගාමීව වෙනස් වෙලා නෑ. ලෝකය සමඟ තරග කළ හැකි දරු පරපුරක් අපේ රටේ තවම නිර්මාණය කර නෑ. නමුත් ස්ව උත්සාහයෙන් ගොඩ නැඟුණු අපේ රටේ ඇතැම් දරුවන් අද ලෝකය සමඟ තරග කරනවා.

මීළඟ සිය වස වන විට ලෝකයේ තත්ත්වය අදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. දරුවන් අධ්‍යාපනය ලබන ක්‍රමවේදය හා රැකියා කරන ක්‍රමවේදය වෙනස් වෙනවා. අනාගතයේදී කාටවත් මුදල් පසුම්බි පාවිච්චි කිරීමට අවශ්‍ය වන්නේ නෑ. සාක්කුවේ මුදල් තබාගෙන ක්‍රියා නොකරන සමාජයක් ලෝකයේ ඇති වෙමින් තිබෙනවා. ඒ් වෙනුවට දුරකථනයෙන්, පරිගණකයෙන් මුදල් භාවිතය සිදු වෙනවා. බැංකු පද්ධතිය වෙනස් වෙමින් තිබෙනවා. එවැනි වෙනස්කම් රැසක් අද ලෝකයේ සිදු වෙමින් තිබෙන බව කිව යුතුයි. අපි ද එතැනට ගමන් කළ යුතුයි.”

ශිරෝමි අබයසිංහ