28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රීඩා ඇමැති කෙන්යාවෙන් පැමිණ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක

ක්‍රීඩා ඇමැති කෙන්යාවෙන් පැමිණ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක

පාපන්දු තරගයටත් ඇවිත් දිරිගන්වයි

ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු ලෙස සැලකෙන මාලදිවයිනේ රාජ්‍ය නායකයන් හමු වී දෙරට අතර, සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඊයේ ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගි විය. ක්‍රීඩා හා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ මාලදිවයින් රජය සමඟ අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹීමට මේ කෙටි සංචාරයේදී ක්‍රීඩා ඇමැතිවරයා සමත්ව තිබේ.

මාලදිවයින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැතිවරයා නිල වශයෙන් පිළිගත් අතර, පසුව මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් මහතා ජනාධිපති නිල නිවසේදී හමු වී සාකච්ඡා පැවැත්විය. දෙරට අතර විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරමින් මේ සාකච්ඡාව පැවැති අතර, කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ මාලදිවයින ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීනව පැවති අන්‍යෝන්‍ය සබඳතා හා සංචාරක ව්‍යාපාරය පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයා හා ජනාධිපතිවරයා සාකච්ඡා කළහ. මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කිරීම සමීප අසල්වැසි රටවල්වලට බලපාන අයුරු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව සඳහා ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාවේ දියුණුව ඇතුළු කරුණු පිළිබඳ ද සාකච්ඡා පවැත්විණි.

කෙන්යාවේ සංචාරයක් නිමවා නැවත මව්බිම බලා ගමන් ගන්නා අතරතුර පැය කිහිපයක කෙටි සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ කෙන්යාවේ හා මාලදිවයිනේ සංචාර දෙකම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ බවය.

මේ අතරතුර ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ඊයේ පැවැති දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය නැරැඹීමට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමටද ඇමැතිවරයා අමතක නොකළේය.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…