හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණ දෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණානුස්මරණය ඊයේට (10) යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සංවිධාන කළ ගුණානුස්මරණ උත්සවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවතියේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …
“බණ්ඩාරනායක මැතිනිය සාර්ථක නායිකාවක් වුණේ ඇයි. එතුමිය සැබෑ නායිකාවක් වුණේ එතුමියට වැඩකරන්න පූළුවන් හොඳ අවංක කණ්ඩායමක් හිටියා. ඒක තමයි රහස. අවංක කණ්ඩායමක් ඉන්න ඕනේ ඕනෑම කණ්ඩායමකට. ”
රක්ෂණ ශ්‍රියන්ත