31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාව සහ තලේබාන් රජය අතර පළමුවරට නිල සාකච්ඡාවක්

අමෙරිකාව සහ තලේබාන් රජය අතර පළමුවරට නිල සාකච්ඡාවක්

ඇෆ්ගනිස්තානයට මානුෂික ආධාර සැපයීමටත් තීරණ

අමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමෙන් පසු පළමුවරට තලේබාන් රජය සමඟ නිල සාකච්ඡාව කටාර් රාජ්‍යයේදී පැවැත්විණි. ඇෆ්ගනිස්තානයට මානුෂික ආධාර සැපයීමට මේ සාකච්ඡාවේදී අමෙරිකාව එකඟ වූ බව තලේබාන් පාලකයෝ කියති.

ආධාරවලට අමතරව එරට ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් පිළිබඳ සහ එක්සත් ජනපද වැසියන් ඉවත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත. මේ සාකච්ඡා අවංක සහ වෘත්තීය මට්ටමෙන් සිදු කළ බව අමෙරිකාව නිවේදනය කළේය. එහෙත් තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරීත්වය තව දුරටත් මැන බලන බව අමෙරිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ. අමෙරිකාව සමඟ සාකච්ඡාවකට එක්වීම මත තලේබාන් සංවිධානය පිළිගැනීමකට ලක් වීමක් කිසිසේත්ම සිදු නොවන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.