28 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන්ට තර්ජන

ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන්ට තර්ජන

ඇෆ්ගනිස්තානයේ පසුගිය රජයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තලේබාන් සංවිධානයේ දරුණු වධ හිංසාවලට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. පසුගියදා එරට ජලාලාබාද් නුවර වයෝවෘද්ධ මිනිසකු හිස ගසා මරා දමා ඇතැයි ද, ඔහුගේ හිස මහජනතාවට ප්‍රදර්ශනයට තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිරුරෙන් වෙන් කරන ලද හිස ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය අතරට නිකුත් කර තිබිණි.

පැවති රජයේ නිලධාරින් සහ රජයට සහාය පළ කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කිරීම මේ වන විට එරට බහුලව සිදුවන අතර, කුඩා දරුවන් ඉලක්ක කරමින් ද ප්‍රහාර සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

පසුගියදා එරට උතුරෙන් පිහිටි ෆර්යාබ් ප්‍රාන්තයේදී 12 හැවිරිදි කුඩා පිරිමි දරුවකු තලේබාන් සාමාජිකයන්ගේ දරුණු පහර දීමකට ලක් වී ඇති ඇත්තේ ඔහුගේ පියා හිටපු රජයේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කිරිමේ හේතුවෙනි.