ඇෆ්ගනිස්තානයේ පොපි මල් වගාව නීතිගත කිරීමට තලේබාන් රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු කැපී පෙනෙන අයුරින් ඉහළ ගිය එරට පොපි මල් ව්‍යාපාරය හේතුවෙන් ලෝක මත්ද්‍රව්‍ය වෙළෙඳාම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබූ අතර, පොපි මල් ව්‍යාපාරය නීති ගත කිරීමෙන් එම තත්ත්වය තවත් වර්ධනය වනු ඇතැයි විදෙස් පුවත් වාර්තා කළේය.
පොපි මල් සාරය අන්තර්ජාතික හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ගන්නා අතර, ඉන් 90% ක්ම අපනයනය කරනු ලබන්නේ ඇෆ්ගනිස්තානය විසිනි. ඉස්ලාම් දහමට අනුව මත්ද්‍රව්‍ය තහනම් බැවින් තලේබාන් රජය බලයට පත් වීමෙන් පසු ලෝක මත්ද්‍රව්‍ය වෙළෙඳාම අඩාල වනු ඇතැයි වාර්තා වූවද, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පොපි මල් ව්‍යාපාරය නීතිගත කිරීමෙන් එරට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
ඒ අනුව ත්‍රස්තවාදය හා බැඳුණු ප්‍රධානතම ව්‍යාපාරයක් වන මත්ද්‍රව්‍ය සඳහා ඇෆ්ගනිස්තානය තුළ වෙළෙඳපොළක් නිර්මාණය වීමෙන් ගෝලීය ත්‍රස්තවාදයට එමගින් දැඩි අනුබලයක් සපයනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.