28.9 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ ගංවතුරෙන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්

චීනයේ ගංවතුරෙන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්

චීනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ෂැන්සි ප්‍රාන්තයේ ඇති වූ අධික ගංවතුර හේතුවෙන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි වාර්තා වේ. අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ මේ ඛේදවාචකය එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක සහ නගර 70කට පමණ බලපා ඇත.

මේ අතර දැඩි වර්ෂා තත්ත්වය මත මුදාගැනීමේ කටයුතු ඉතා දුෂ්කර වී ඇතැයි නිලධාරීහු පවසති. ෂැන්සි ප්‍රාන්තයේ නිලධාරීන් පවසන්නේ ගංවතුර තත්ත්වය මිලියන 1.76 ක පිරිසකට බලපා ඇති බවය. ප්‍රාන්තය පුරා විවිධ ස්ථානවල නිවාස 17,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, නායයාමට හසුවූ පොලිස් නිලධාරින් සිව්දෙනකු ද ජීවිතක්ෂයට පත් වී ඇත.