28.4 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට විශාල උනන්දුවක් ඇති වෙලා

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයට විශාල උනන්දුවක් ඇති වෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් පසුව රජයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් හදිසියේ ඇතිව තිබෙන බවත්, එම මැතිවරණය පවත්වන්නට සිදු වන්නේ දැනට පවත්නා පළාත් සභා නීතියට සුළු සංශෝධනයක් එක් කිරීමෙන් බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ වවුනියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“පළාත් සභා මැතිවරණය පෙර පරිද්දෙන්ම පැවැත්වීමට සුළු සංශෝධනයක් අවශ්‍ය වෙනවා. මම ඒ ගැන පනතක් 2019දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේදී මේ සංශෝධන පිළිගැනීමට එකඟවීමෙන් පසුව නීතිපතිවරයාගෙන් උපදෙස් ගත්තා.ඔහු ද එසේ පැවැත්විය හැකි බව පිළිගනු ලැබුවා. දැන් ඒ සංශෝධන පනත සම්මත කරගෙන ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකියි.

ඉන්දීය විදේශ ලේක්ම්වරයාගේ සංචාරයෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි රජයේ විශාල උන්නදුවක් තිබෙනවා. බැසිල් ඇමැතිවරයා මේ ගැන සාකච්ඡා කළා. අපි කියන්නෙත් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය කියන කාරණාව.

එම නිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මගේ පනත් කෙටුම්පත උපයෝගී කර ගනිමින් වහාම නීතියට සංශෝධනයක් කළ හැකි බව බොහෝ සාමාජිකයන්ගේ අදහස වී තිබෙනවා. මම දැන් සකස් කළ නීතිමය මූලාශ්‍රය ශ්‍රී ලංකා පොදු සන්ධානයේ මහ ලේකම්වරයාට දී හමාරයි. කැබිනට් මණ්ඩලය මේ ගැන සලකා බලා තීරණයක් ගන්නේ නම් ඉදිරි දිනවලදී එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන් සිටිනවා. එය රජයේ කෙටුම්පතක් ලෙස නීතියට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.”

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ