27.8 C
Colombo
Thursday, June 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසලින් නැඟෙන සීනු හඬ ජාතිය නැඟිටුවන හඬක්

පාසලින් නැඟෙන සීනු හඬ ජාතිය නැඟිටුවන හඬක්

ඇමැති ඩලස් අලහප්පෙරුම

ලබන සතියේ පාසල් දරුවන් එන්නත් කිරීම ආරම්භ වෙනවා. එන්නත්කරණය 21 වැනිදා පටන් ගන්නවා. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉන්න දරුවන් එන්නත්කරණයට ලක් කරනවා. මේ මාසයේ අග වන විට අවුරුදු එක හමාරකට පසුව පාසල් නැවත පටන් ගන්නවා. පාසලේ සීනු හඬ නැවත ඇහෙන්න පටන් ගන්නවා. ඒ සීනු හඬ ජාතිය නැඟිටවන හඬ බවට පත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. යැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ විසිතුරු සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තකරුවන් නඟාසිටුවීමේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද කීය.

“රටක් විදියට අප හුස්ම ගන්න හදන වෙලාවේ අපේ රටේ මුළු ජනගහණයෙන් 58%ක් මුළුමනින්ම එන්නත් කර අවසන්. මේක රාජ්‍යයක් විදියට විශිෂ්ට ජයග්‍රහණයක්. අපේ ජනගහණය වගේම අපට වඩා වැඩියෙන් ජනගහණය සිටින රටවල් දිහා බැලුවාම රට සුවපත් කිරීමේ මාර්ගයට අප අවතීර්ණය වෙලා තිබෙනවා. වැඩ පටන් ගන්න කාලය ඇවිල්ලා.

මුළු ජනගහණයෙන් 50%කට වැඩි පිරිසක් එන්නත් කළ රාජ්‍ය දිහා බැලුවාම ලක්ෂ දෙක තුන ඉන්න පුංචි දූපත් හැරුණු විට ලෝක සිතියමේ ඉහළින් ඉන්නේ ලෝකයේ දැවැන්තම ආර්ථික බලවතුන්. නැතිනම් එන්නත් නිෂ්පාදනය කරන රටවල්. අප පාර්ලිමේන්තුවේ බලය ගෙන අද වන විට හරියට මාස 13ක් ඉවරයි. මුළු කාලයම වැය වුණේ කොවිඩ් කියන විශ්වීය මාරයා එක්කපො ර බඳන්න. ජනාධිපතිවරයාගේ පැත්තෙන් බැලුවොත් 2019 නොවැම්බර් ඉඳලා මාස 22යි. මාස 18ක් ඉවරයි කොවිඩ් වසංගතය එක්ක පොරබඳන්න. ඉතාම අමාරුවෙන් ආර්ථිකය ඉස්සරහට යන වෙලාවේ අපේ ආදායම් මාර්ග සමහර ඒවා බින්දුවට වැටිලා. උත්පාදන ඇහිරිලා. අපනයනය කඩා වැටිලා තිබෙන වෙලාවේ අද ධීවර කර්මාන්තය වෙනුවෙන් මේක විශාල ආයෝජනයක්.

අප ශ්‍රී ලාංකික පුරවැසියෝ විදියට වසංගතයට, ත්‍රස්තවාදයට, සුනාමියට බිය නෑ. ස්වාභාවික උපද්‍රවවලට යට වෙන්නේ නෑ. බිය වෙන්නේ නෑ.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

“අපේ රට අද බලාපොරොත්තු නොවූ අසීරු තැනකට වැටිලා තිබෙනවා. මෙයින් ගොඩ එන්න නම් රට සංවර්ධනය කරගන්න ඕනෑ. කුමන හෝ ආකාරයකින් විදේශ විනිමය රටට ගෙන ඒමේ වැඩපිළිවෙළකට යන්න වෙනවා. අද මේ කරන්නේ රටට විදේශ විනිමය ගෙනෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන්න.”

ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා ද මෙහිදී අදහස දැකවීය.

විජිත සල්ගාදු – අකුරැස්ස මධ්‍යම විශේෂ