28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබඩු මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයන් නම් කැබිනට් මණ්ඩලයක් කුමටද

බඩු මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයන් නම් කැබිනට් මණ්ඩලයක් කුමටද

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයන් නම් ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කරන කැබිනට් මණ්ඩලයක් කුමටද යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ආණ්ඩුව විසින් බඩු මිල ඉහළ දැමීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ ඊයේ (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහීදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීය.

“ආණ්ඩුව දැන් සියලුම අංශවල පාලනය අත්හැර තිබෙනවා. මිල පාලනය, රජයේ දේපළවල අයිතිය, ජනතාව පිළිබඳ වගකීම් යන සියල්ලම අත්හැරලා. මේ නිසා කැබිනට් එකක්, ආණ්ඩුවක් තියෙන්නේ මොකටද? ජනතාව පීඩාවට පත්වීමේදී එයින් මුදා ගන්නයි ආණ්ඩුවක් තියෙන්නේ. ආණ්ඩුව ඒ වගකීමෙන් මුළුමනින්ම ඉවත් වෙලා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පැන්ඩෝරාවල ඩොලර් හංඟමින් ඉන්නේ. පසුගිය කාලයේ කළ හොරකම්, දූෂණ, මිනීමැරුම්වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා ආණ්ඩුව කල්පනා කරනවා.

යුද හමුදාවට අවුරුදු 72ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ජනාධිපතිවරයා කළ කතාව අපි දැක්කා. එහිදී එතුමා පැහැදිලිව කීවේ මීට අවුරුදු දෙකකට කලින් රටේ ජනතාවට දුන් පොරොන්දු මතකයි කියලා. 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී පොහොර නිකන් දෙනවා, සහන මිලට බඩු මල්ලක් දෙනවා, ගෑස්වලට රුපියල් 100ක සහනයක් දෙනවා කියා කිව්වා. අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට සහන පැකේජ් එකක් දෙනවා කියලා වේදිකාවල බෙරිහන් දුන්නා. නමුත් අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. රුපියල දැන් මස්ත බාල්දු වෙලා. ඩොලර් හිඟයක් ඇති වෙලා. නිෂ්පාදන කඩා වැටිලා. ජනාධිපතිවරයා ගත් ඔළමොට්ටල තීන්දුව නිසා ගොවියා මුළුමනින්ම බිමටම වැටිලා. කෘෂි කර්මාන්තය මුළුමනින්ම අර්බුදයට ගිහින් හෙට අනිද්දා දැවැන්ත ආහාර හිඟයක් ඇතිවීමේ පෙර ලකුණු තිබෙනවා.”

නුවන් හෙට්ටිආරච්චි