35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතායිලන්ත සංචාරකයින්ට විවෘත කිරීමට සැරසෙයි

තායිලන්ත සංචාරකයින්ට විවෘත කිරීමට සැරසෙයි

නොවැම්බර් මස 01වනදා සිට සංචාරකයින් සදහා රට විවෘත කිරීමට අපේක්‍ෂා කරන බව තායිලන්ත රජය පවසයි. 
 
ඒ අනුව බ්‍රිතාන්‍යය, චීනය, ජර්මනිය සහ අමෙරිකාව  ඇතුළු කොරෝනා අවදානම අවම රටවල් 10ක සංචරකයින්ට එරටට පැමිණීමට අවසර හිමිවේ. 
 
එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයන්ට නොවැම්බර් 01වනදා සිට නිරෝධායන කාලසීමාවක් අවශ්‍ය නොවන බව තායිලන්ත බලධාරීන් සදහන් කරයි. 
 
අවදානම් සහිත වුවද රටේ ප්‍රධානතම ආදායම් ක්ෂේත්‍රයවන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් – චාන් – ඕචා පවසයි.