35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවුහාන් වැසියන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමක්

වුහාන් වැසියන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමක්

කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ පර්යේෂණයේ කොටසක් ලෙස චීනය වුහාන් නගරයේ වැසියන්ගෙන් රුධිර සාම්පල් පරික්‍ෂාවක් සිදු කිරීමට සූදානම්වේ. 
 
සීඑන්එන් පුවත් සේවය වාර්තා කරනුයේ රුධිර සාම්පල දස දහස් ගණනක් මෙලෙස පරීක්‍ෂා කිරීමට සූදානම් වන බවයි. වෛරසය මතුවීම සම්බන්ධයෙන් විනිවිදභාවය සඳහා වන ඉල්ලීම් වැඩිවීම මධ්‍යයේ මෙම පියවර ගෙන තිබේ.
 
වෛරසය පැතිරීමට පටන් ගත්තේ කෙසේද යන්න තවමත් නිෂ්චිතව සොයා ගෙන නොමැත. 
 
වෛරසයේ මූලාරම්භය අවබෝධ කර ගැනීමට විද්‍යාඥයින් කටයුතු කරමින් සිටින හෙයින් ප්‍රමාණවත් තරම් තොරතුරු හෙළි නොකිරීම හෝ ප්‍රමාණවත් තරම් විනිවිදභාවයකින් කටයුතු නොකිරීම ආදිය සම්බන්ධයෙන් චීනය විවේචනයට බඳුන් වී ඇත.