28.2 C
Colombo
Sunday, May 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුසීට යළි උපදේශක තනතුර

සුසීට යළි උපදේශක තනතුර

ඔලිම්පික් පදක්කම්ලාභී කෙටි දුර ධාවන ශූරිය සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

සුසන්තිකා ජයසිංහ මහත්මියට ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස නැවත පත් කිරීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය.