26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහැරී සහ මේගන්, ඩයනා කුමරියගේ අනුස්මරණ උත්සවයට එක් නොවීමේ තීරණයක

හැරී සහ මේගන්, ඩයනා කුමරියගේ අනුස්මරණ උත්සවයට එක් නොවීමේ තීරණයක

එංගලන්තයේ ඩයනා කුමරියට ගෞරව පුද කිරීමේ උත්සවයක් ලබන සතියට යෙදී තිබේ. කෙසේ වුවද රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඊට සහභාගී නොවීමේ තීරණයක සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ. 
 
මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනුයේ කෙන්සිංටන් මාලිගයේදීය.  කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ඇතුළු ආරාධිතයින් සියයක් පමණ මීට සහභාගී වීමට නියමිතය. 
 
අවසන්වරට හැරී සහ විලියම් කුමරු මුණ ගැසී ඇත්තේ ඉකුත් ජුලි මස 01වනදාය. ඒ කෙන්සිංටන් මාලිගයේ දී ඩයනා කුමරියගේ 60වන ඡන්ම දිනය වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට ය.
 
කෙසේ වුවද අදාළ දිනයේ දී පිළිරුව නිරාවරණය කළ ද කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එහි සැලසුම් කර තිබූ සැමරුම් උත්සවය කල් දමා තිබුනි. ඒ අනුව අදාළ සැමරුම් උත්සවය මෙලෙස එළඹෙන 19වනදා පැවැත්වීමට නියමිතය.