33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑල්පීඑල් තරග 20ක් කොළඹදී

එල්පීඑල් තරග 20ක් කොළඹදී

අවසන් වටය හම්බන්තොට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ ප්‍රකාශයට පත් කළේය.

එළැඹෙන දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මූලික වටයට තරග 20ක් ඇතුළත් වන අතර, අවසන් වටයේ වෙනසක් සිදු කරමින් තරග 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද කැපී පෙනේ. පසුගිය වසරේ තරගාවලියේදී අවසන් පූර්ව තරග 2ක් සහ අවසන් මහා තරගය පැවැති අතර, මෙවර අයිපීඑල් තරගාවලියේ ආකෘතියට අවසන් වටයට පැවැත්වෙනු ඇත.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර, අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය (Qualifier 1) පැවැත්වේ. එහි ජයග්‍රාහකයන් අවසන් තරගයට සුදුසුකම් ලබන අතර, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි තැන ගන්නා කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරගයකට (Eliminator) එක් වනු ඇත. එම තරගයේ ජයග්‍රාහකයන්ට පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ පරාජිතයන් සමඟ දෙවැනි සුදුසුකම් ලැබීමේ (Qualifier 2) තරගයට ක්‍රීඩා කිරීමට සිදු වන අතර. එහි ජයග්‍රාහකයන්ට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව හිමි වේ.

මූලික වටයේ වැඩි දක්ෂතාවන් දක්වන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරගවලදී සිදු විය හැකි අසාධාරණය අවම කිරීම සඳහා මේ ක්‍රමය තරගාවලියට එක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ හේතුවෙන් පළමු වර තරගාවලියේ පැවැති තරග 23 මෙවර තරග 24 දක්වා වැඩි වී තිබේ. අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් (24) හිමිවීම ද විශේෂත්වයකි.

පළමු තරගාවලියේ ශූරතාව දිනාගත් යාපනය කණ්ඩායම සමඟ අනුශූරයන් වූ ගාල්ල කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට එක් වන්නේ 5 වැනිදා රාත්‍රී 7.30ටය. ඉන් පෙර එදිනම ප.ව.3.00ට තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වෙනු ඇත.

නිරෝෂාන් ප්‍රියංකර