පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න
මහ කන්නය ආරම්භ වී ඇතත් මෙරට ගොවිබිම්වලින් භාගයකවත් මේ වනතුරු කන්න රැස්වීම් පවත්වා නැතැයි සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
ආණ්ඩුවේ තීරණ නිසා රාජ්‍ය නිලධාරීන් ගොවි හමුවලට යාමට බියවී කන්න රැස්වීම් නොතියා ම හරින බවද ඇය පැවසුවාය.
මාතලේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. වැඩිදුරටත් මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
“මෙරට සමස්ත පොහොර අවශ්‍යතාවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කර තිබෙන්නේ 2% ක් පමණයි. ගොවියා රවට්ටන්න ගිහින් දැන් රටම රැවටිලා තිබෙන්නේ. මහා පරිමාණ වාරි කර්මාන්තවල කන්න රැස්වීම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විය යුතුයි. කුඩා රැස්වීම් පැවැත්වීමේ පිළිගත් ක්‍රමවේදයක්, සාම්ප්‍රදායක් තිබෙනවා. මහ කන්නයේ කන්න රැස්වීම්වලින් භාගයක්වත් තවම පවත්වා නැහැ. ආණ්ඩුවේ තීරණ නිසා රාජ්‍ය නිලධාරීන් අද ගොවීන් ළඟට යන්න බයයි. මේ නිසා ඔවුන් රැස්වීම් නොතියා මඟ හරිනවා.
බඩ ඉරිඟු වගාවට පොහොර දෙනවා කියා රාජ්‍ය ඇමැතිවරයෙක් කියා තිබුණා. ඒ ඇමැති දන්නේ නෑ බඩ ඉරිඟු වගාවට පොහොරවලට කලින් වල්නාශකයි ඕනෑ කියා. කෘෂිකර්මයට සම්බන්ධ ඇමැතිවරු නව දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් ගොවියෝ අතරට ගිහින් රැස්වීමක් තියන්න හැකියාවක් නැහැ. දැන් මේ අය වගා කරන්නේ මහ පොළොවේ නොවෙයි.අන්තර් ජාලයේයි. දේශපාලනඥයෝ විතරක් නොවෙයි රාජ්‍ය නිලධාරීන්ටවත් ගොවියෝ ළඟට යන්න බැහැ. සෑම කන්න රැස්වීමක්ම අවසන් වුණේ ආරවුලකින්. ආණ්ඩුවේ වැරදි නිසා ගොවියෝ වගේම අද රාජ්‍ය නිලධාරිනුත් අන්ත අසරණ වෙලා.”
අසේල කුරුළුවංශ