30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉස්ලාම් අන්තවාදී ඊතල ප්‍රහාරයකින් ඔස්ලෝ නුවර කැලඹෙයි

ඉස්ලාම් අන්තවාදී ඊතල ප්‍රහාරයකින් ඔස්ලෝ නුවර කැලඹෙයි

පුද්ගලයෝ 5ක් මරුට

නෝර්වේ නුවර ඔස්ලෝ අගනුවරට දකුණින් පිහිටි කොංග්ස්බර්ග් නුවර සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මෙය සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිට දුන්නක් උපයෝගි කරගෙන සිදු කළ ඊතල ප්‍රහාරයක් බව පොලිසිය සඳහන් කර තිබේ.

ප්‍රහාරය සිදු කළ 37 හැවිරිදි සැකකරු ඩෙන්මාර්ක් වැසියකු බවත්, ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර ඇත. මේ පුද්ගලයා ඉස්ලාම් දහම වැලඳගත් අයකු බව අනාවරණය වී තිබේ.

සැකකරුගේ ඊතල ප්‍රහාරයට ලක් වූ එක් පුද්ගලයකු රාජකාරිය නිමා කර සාප්පු සවාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු බව සඳහන් වේ. මිය ගිය පුද්ගලයන් අවුරුදු 50-70 අතර වයසේ පසු වන්නන් බව ද වාර්තා වේ.