30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 38ක ජයක්

දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 38ක ජයක්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟ ඊයේ අබුඩාබි නුවර පැවැති දෙවැනි පුහුණු තරගය ලකුණු 38කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට රැස් කළ ලකුණු 162ට පිළිතුරු ලෙස පැපුවා නිව්ගිනියා පිලට ඕවර 20 අවසානයේ රැස් කිරිමට හැකි වූයේ කඩුලු 7කට ලකුණු 123ක් පමණි.

ධනංජය ද සිල්වා සහ පැතුම් නිශ්ශංක ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ අතර, තුන්වැනි ඕවරයේදී ධනංජය එක් ලකුණකටත්, 7 වැනි ඕවරයේදී චරිත් අසලංක ලකුණු 8කටත් දැවී යෑමෙන් පසු පැතුම් නිශ්ශංක සහ අංක 4 පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු එක්ව ඉනිම ගොඩ නැගීමට සමත් වූහ.

ලකුණු අතරේ සිටින පිතිකරු අවිශ්ක ලකුණු 61ක් රැස් කළ අතර, පැතුම් නිශ්ශංක සුපිරි පිතිහරඹයක නිරතවෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 76කි. මේ දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 103ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. ඊයේ සිය සුපුරුදු තරග රටාවට පිවිසි පැතුම් නිශ්ශංක පන්දු 58කින් ලකුණු 76ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගිනි. අවිශ්කගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එක් වූ අතර ඔහු වැය කළේ පන්දු 37ක් පමණි.

මේ සංචාරයේදී ඕමානය සමග පැවැති තරග දී සහ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී ද අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ අවිශ්ක පිලිවෙළින් නොදැවී 83ක් (පන්දු 59), ලකුණු 33ක් (පන්දු 18), නොදැවි ලකුණු 62ක් (පන්දු 42) ලබා ගැනීමට සමත් විය. අනතුරුව භානුක රාජපක්ෂ ලකුණු 2කට දැවී ගිය අතර නායක දසුන් ශානක නොදැවී ලකුණු 2ක් ද, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 8ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 162 දක්වා ඉහළට ඔසවා තැබූහ.

පන්දු යැවීමේදී පැපුවා නිව්ගිනියා පිලේ කබුවා මොරියා ලකුණු 25කට කඩුලු 4ක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවා නිව්ගිනියා පිලේ ආරම්භක පිතිකරු ටෝනි උරා ලකුණු 24ක් සහ නායක අසාඩ් වාලා ලකුණු 51ක් රැස් කිරීමට සමත් වූවද, සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාලූ අතර, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාලූහ.