35 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාෆ් ශූරතා අවසන් සටනට ඉන්දියාව හා නේපාලය

සාෆ් ශූරතා අවසන් සටනට ඉන්දියාව හා නේපාලය

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් සටනට නේපාලය සමග ඉන්දියාව සුදුසුකම් ලබයි. අවසන් තරගය මේ මස 16දා මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකධාරා මැද ශ්‍රී ලංකා වේලවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වෙයි. ඉන්දියාව හා සත්කාරක මාලදිවයින අතර තරගයෙන් ගෝල් 3-1ක ජයක් ඉන්දියාව වාර්තා කිරීමත් සමග ලකුණු සටහනේ පළමු ස්ථානයට ඉන්දීය පිල පැමිණියේය. බංග්ලාදේශය සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීම හේතුවෙන් නේපාලය ලකුණු සටහනේ 2 වැනි ස්ථානයට පත්ව සිටී.

මෙතෙක් දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ කිසිදු අවස්ථාවක නේපාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නොමැති අතර, ඉන්දියාව 11 වතාවක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එයින් අවස්ථා 7කදී දකුණු ආසියා පාපන්දු ශූරතාව ඉන්දියාව රැගෙන ගියේය. නේපාලය මෙතෙක් දැක්වූ හොඳම දක්ෂතාව වූයේ 1995 හා 1999 යන වසර වල තෙවැනි ස්ථානය දිනා ගැනීම පමණි. එබැවින් මෙවර දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය නේපාල පාපන්දු ඉතිහාසයට නැවුම් අත්දැකීමක් වී තිබේ.ඉන්දියාව හා මාලදිවයින අතර තරගයේ පළමු භාගය ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයෙන් පසුවූ අතර, දෙවැනි භාගයේදී සුනිල් චෙට්ත්‍රී තවත් ගෝල් දෙකක් ඉන්දියාවට එක් කිරීමෙන් ජයග්‍රහණය වඩාත් ශක්තිමත් විය.

සත්කාරක මාලදිවයින තෙවැනි ස්ථානයට හා බංග්ලාදේශය ලකුණු සටහනේ සිවුවැනි තැනට පත්වීමෙන් අවසන් තරගයේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකා පිල මේ ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පැමිණියේය.