27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුනිල් චෙට්ත්‍රී පේලේ වාර්තාව අබිබවා යයි

සුනිල් චෙට්ත්‍රී පේලේ වාර්තාව අබිබවා යයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ මෙතෙක් ගෝල් 4ක් වාර්තා කළ ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙට්ත්‍රී බ්‍රසීලයේ පුරාවෘත්තයක් වූ පේලේ තම ජාතික කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ගෝල 77ක වාර්තාව අභිබවා යයි.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙට්ත්‍රී සිය රට වෙනුවෙන් රැස්කළ 79වැනි ගෝලය පෙරේදා මාලදිවයිනට එරෙහිව වාර්තා කිරීමත් සමග පේලේගේ වාර්තාව පසු කළේය. 37 හැවිරිදි චෙට්ත්‍රී , ඉන්දියාව වෙනුවෙන් සිය 124 වන තරගයට ක්‍රීඩා කළ අතර, මේ ශූරතාවලියේ සත්කාරක මාලදිවයිනට එරෙහිව ගෝල් 2ක් ලබා ගැනීමට සමත්ව සිටී. ඔහු මේ ශූරතාවලියේ වැඩිම ගෝල් ලාභී ක්‍රීඩකයා බවට පත්ව සිටී. පෙලේ අබිබවා යෑමට ඉන්දීය නායකයා මේ ශූරතාවලියේදී සුදානමින් සිටින බව ශූරතාවලිය ආරම්භයේදී අනාවැකි පළ විණි.