25.6 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරලියේ රතන හිමිට පක්ෂය අහිමි වෙයි

අතුරලියේ රතන හිමිට පක්ෂය අහිමි වෙයි

අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂයේ නෙරපීමට එම පක්‍ෂෙය් දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා සදහන් කරයි.
 
ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්වේ.
 
පක්ෂයේ විනයමණ්ඩලය විසින් චෝදනා 04කට වැරදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. 
 
මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ(15) දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි පස් වැනි දා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
 
සිව් වැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් උන්වහන්සේට වෙන් කෙරුණේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වූ මුල් පෙළ අසුනකි.