28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිල් ක්ලින්ටන් රෝහල්ගත කරයි

බිල් ක්ලින්ටන් රෝහල්ගත කරයි

කොවිඩ් නොවන ආසාදන තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ගැනීම සඳහා යොමු කර ඇත. 75 හැවිරිදි ක්ලින්ටන් පසුගියදා (12) යූසී අර්වින් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි ඔහුගේ ප්‍රකාශක ඇන්ජෙල් උරේනා කීවාය. ඔහුට හෘදයාබාධ සම්බන්ධ රෝග ඉතිහාසයක් ඇති නමුත් මෙවර රෝහල්ගත කළේ කවර රෝග තත්ත්වයක් නිසා දැයි අනාවරණය වී නැත. ඔහුගේ වෛද්‍යවරුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ බිල් ක්ලින්ටන්ට ප්‍රතිජීවක ඖෂධ සහ දියර වර්ග දී ඇති බවයි. අඛණ්ඩ නිරීක්ෂණය යටතේ ඔහු රෝහල්ගතව සිටිනු ඇතැයි ද වෛද්‍යවරු වැඩිදුරටත් කියති.