26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීරුට් නුවර මාරාන්තික ගැටුම්

බීරුට් නුවර මාරාන්තික ගැටුම්

ලෙබනනයේ බීරුට් නුවර ඇති වූ මාරාන්තික ගැටුම් හේතුවෙන් ඊයේ (15) දිනය ශෝක දිනයක් ලෙස නම් කිරීමට අගමැති නජීබ් මිකාටි පියවර ගෙන තිබිණි. බීරුට් අගනුවර ඇති වූ වෙඩි හුවමාරුවලින් හය දෙනකු මියගොස් තවත් තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බීරුට් නුවර වරායේ පසුගියදා ඇති වූ පිපිරීම සම්බන්ධව විනිසුරුවරයකු පැවැත්වූ පරීක්ෂණයට විරෝධය පෑ ෂියා මුස්ලිම් කණ්ඩායම්, හිස්බුල්ලා සහ අමල් සංවිධාන පැවැත්වූ විරෝධතාව අතරතුර මේ ගැටුම් ඇති වී තිබේ. ඔවුන් පවසන්නේ ක්‍රිස්තියානි ලෙබනන් බළකායේ ස්නයිපර් තුවක්කුකරුවන් ජනතාව වෙත වෙඩි තැබූ බවයි. පසුගිය වසර කිහිපය තිස්සේ ඇති වූ මෙවැනි සිද්ධීන්වලින් දරුණුතම සිද්ධිය මෙය බව වාර්තා වේ. කෙසේ වුවත් මෙවැනි වෙඩි ප්‍රහාරයක් තම පක්ෂය සිදු නොකළ බව ක්‍රිස්තියානි ලෙබනන් පක්ෂය කියා සිටී. මේ අතර කිසිවකුට තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව රටේ ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොදෙන බව එරට ජනාධිපති මිෂෙල් අවෝන් ‍තරයේම කියා සිටී.