25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIPL ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් පිලට

IPL ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් පිලට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
 
⁣ඊයේ(15) රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 27කින් ඔවුන් හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය ලැබීය.
 
කාසියේ වාසිය ජයග්‍රහණය කර කොල්කටා නයිට් රයිඩර්ස් නායක Eoin Morgan ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළ පසුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 192 ක් රැස් කරන ලදි. 
 
චෙන්නායි කණ්ඩායමේ නැංගුරම බවට පත් වෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ Faf du plessis පන්දු 59යක් තුළ වේගවත් ලකුණු 86ක් රැස් කළේය. Robin Uththappa පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 31ක් රැස් කළේය.
 
Moin Ali පන්දු 20ක් තුල වේගවත් ලකුණු 37 ක් රැස් කරන ලදි.
 
 ලකුණු 193ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි කොල්කටා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 165කි.
 
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් Shubman Gil සහ Venkatesh Iyer එක්ව ලකුණු 91 සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ අතර Shubman ලකුණු 51ක් සහ Venkatesh Iyer ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
 
තරඟයේ වීරයා සම්මානය හිමි වූයේ Faf Du Plessisටය.