විදෙස් සංචාරකයින් සදහා මාස 19කට පසු සිය දේශසීමා යළි විවෘත කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
ඉදිරි උත්සව සමයට සමගාමීව විදෙස් සංචාරකයින් සදහා මෙතෙක් පනවා තිබු සීමා ලිහිල් කිරීමේ පළමු අදියර ලෙස කොරෝනා මර්ධන පුර්ණ එන්නත්කරණයට ලක්වූ වරලත් ගුවන් යානා මගින් පැමිණෙන විදෙස් සංචාරකයින්ට පෙරේදා(15) සිට ඉන්දියාවට ඇතුළු වීමට අවසර හිමි විය.
නිත්‍ය ගුවන් සේවා ඔස්සේ පැමිණෙන විදෙස් සංචාරකයින් හට එළඹෙන නොවැම්බර් මස 15වනදා සිට ඉන්දියාවට ඇතුළු වීමට අවසර හිමිවන බව ඉන්දීය බලධාරීන් සදහන් කරයි.
රටට ඇතුළු වීමේ දී එම සංචාරකයින් පැය 72ක කාලයක් තුළ දී ලබාගත් කොවිඩ් පරීක්‍ෂණයකින් වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කළ යුතුවේ.