27.2 C
Colombo
Wednesday, June 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅටවැනි වරටත් දකුණු ආසියා පාපන්දු ශූරතාව ඉන්දියාවට

අටවැනි වරටත් දකුණු ආසියා පාපන්දු ශූරතාව ඉන්දියාවට

දකුණු ආසියා පාපන්දු ශූරතාව අටවැනි වරටත් ඉන්දියාව දිනා ගනියි. මේම ශූරතාවලිය පුරා ගෝල් 5ක් රැස් කළ ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙට්ත්‍රී නේපාලය සමඟ පැවැති අවසන් මහා තරගයේ 49 වැනි මිනිත්තුවේදී ඉන්දියාව වෙනුවෙන් ගෝල් රැස් කිරීම ආරම්භ කළ අතර, සුරේෂ් සිංග් හා ෂාල් අබ්දූල් තවත් ගෝල් 2ක් වාර්තා කිරීමත් සමඟ ගෝල් 3-0කින් නේපාලය පරාජය කිරීමට ඉන්දීය පිලට හැකි විය.

මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණයේදී නිමාව දුටු මේ ශූරතාවලියේදී සුනිල් චෙට්ත්‍රී බ්‍රසීලයේ පුරාවෘත්තයක් වූ පේලේ තම ජාතික කණ්ඩායම වෙනුවෙන් රැස් කළ ගෝල් 77ක වාර්තාව අබිබවා ගිය අතර, මේ වන විට ආර්ජන්ටිනාවේ සුපිරි තරුව වූ ලයනල් මෙසීගේ වාර්තාව සම කර ඇත. මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් අන්තර්ජාතික තරගවලදී ගෝල් 80ක් ලබා සිටින අතර, සුනිල් චෙට්ත්‍රී ඉන්දියාව වෙනුවෙන් අන්තර්ජාතික ගෝල් 80ක් සම්පූර්ණ කළේය.

37 හැවිරිදි චෙට්ත්‍රී , ඉන්දියාව වෙනුවෙන් තරග 125ක් ක්‍රීඩා කොට ඇති අතර, මේ ශූරතාවලියේ සත්කාරක මාලදිවයිනට එරෙහිව ගෝල් 2ක්, බංග්ලාදේශයට එරෙහිව ගෝලයක් හා නේපාලයට එරෙහිව ගෝල් 2ක් රැස් කළේය.

දකුණු ආසියා පාපන්දු ශූරතාව ආරම්භයේදීම යම් පසු බැසීමකින් සිටි ඉන්දීය පිල ක්‍රමයෙන් දක්ෂතා වර්ධනය කොට ශූරතාව දිනා ගැනීම කැපී පෙනිණි. ඉන්දීය පිල බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සමඟ පැවැති තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමා කිරීමෙන් අවසන් මහා තරගයට පිවිසීම අවිනිශ්චිත තත්ත්වයක පැවැතිණි. පසුව පැවැති නේපාලය හා මාලදිවයින සමඟ තරග දෙකම ජය ගැනීමෙන් ඉන්දියාවට අවසන් මහා තරගයේ දොරටු විවර විය.

නේපාලය සමඟ පැවැති අවසන් තරගයේදී ඉන්දියාව සෑම අතින්ම ඉදිරියෙන් සිටි අතර, ක්‍රීඩකයන් ස්ථානගත වීමේදී සියයට 65ක සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. නේපාල ක්‍රීඩකයන්ගේ ස්ථානගත වීමේ සාමාන්‍ය සියයට 35කි. නිවාරදි ඉලක්කයට පන්දු යොමු කිරීම ඉන්දියාවේ සියයට 80ක් වූ අතර, නේපාලයේ එය සියයට 64ක පැවැතිණි.

ප්‍රින්ස් ගුණසේකර