31.1 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුව මාතෘ භූමිය විකුණමින් සිටිනවා

ආණ්ඩුව මාතෘ භූමිය විකුණමින් සිටිනවා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජනතාව කොවිඩ් නිරෝධායන නීති තුළ සිර කර ආණ්ඩුව මාතෘ භූමිය විකුණමින් සිටින බවත් දැනට කෙරවලපිටිය බලාගාරය විකුණා මාසයක් පමණ ගතව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පක්ෂ කාර්යාලයේ පසුගියදා (15) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහීදී ඒ මහතා මේසේද කිවේය. “මේ රටේ නායකයන් වන ඇමරිකානු පුරවැසියන් අපේ මව්බිම විකුණා දමා අවසානයේ තමන්ගේ රටවලට පලා යාවී. සියලු ජනතාව ඊට එරෙහිව නැඟී සිටිය යුතුව තිබෙනවා. අපේ දේශපාලන වගකීම වන්නේ එයයි. මීට මාසයකට කලින් අත්සන් තබන ලද රහස් ගිවිසුම වහා හෙළිදරව් කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.”

නුවන් හෙට්ටිආරච්චි