ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ
රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙස ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (16) පැවති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.”පසුගිය කාලයේ ගොවීන් සිදු කළ ඉල්ලීම්වලට අනුව ආණ්ඩුව මේ වන විට පොහොර දීමට කටයුතු කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන විසි නවය සඳහා අවශ්‍ය පොහොර දැනටමත් දී තිබෙනවා. මේ මස අග වන විට උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර වී ගොවිතැන බහුලව සිදු කරන දිස්ත්‍රික්වලට දීමට කටයුතු කරනවා.”
ඉෂාරා සිල්වා